Sunday 4 April 2010

ළමා ලේඛිකාවකට අත දෙන්න

තිස් වසරක කුරිරු යුද්ධය අවසානයේ නැවත වරක් එවන් අවාසනාවන්ත තත්වයක් ඇති නොවීමට වගබලා ගැනීම අප සතු යුතුකමකි. එවන් උදාර අරමුණක් කරා යාමේ දිගු ගමනේ පළමු පියවර තැබිය යුත්තේ ළමා ළපටින්ගෙන් බව නොරහසකි. ජාති, කුළ ගොත් බේද නොතකා සමගියේ අගය පිළිබදව ලියවුණු ළමා කථා පොතක් පසුගියදා ලුම්බිණි රඟහලේදී පැවැති 26 වැනි වසන්ත ළමා කඳවුරට සමගාමීව එළිදැක්වුණා. “හංස විලේ යාළුවෝ“ නම් එම කෘතිය රුහුණු විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබද පශ්චාද් උපාධි ඩිප්ලෝමාධාරියක වන පී. ජී මාලා මල්කාන්ති මෙනවියගේ කුළුදුල් නිර්මාණයයි.


මෙම ග්‍රන්ථය කොළඹ පොත් සංගමය විසින් 2009 වර්ෂයේදී පැවැත්වූ ළමා ග්‍රන්ථ අත්පිටපත් තරඟයේදී විශේෂ ළමා සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත. ළමයින්ට සුදුසු ළමා පත පොත අඩුවෙන් ලියවෙන මෙවන් යුගයක මෙවැනි කතුවරුන් දිරිගැන්වීම අප සැමගේ යුතුකමකි. රු. 150/= කට මිළ කර ඇති මෙම පොත් පිංච මිලදී ගැනීම තුළින් ඔබටත් මෙම මහගු කාර්යයට දායක විය හැක.

සිංහල බ්ලොග් කියවන ඔබ මේ සදහා ඇය වෙත දිරි දීමට කැමැත්තේ නම් malamalkanthi@yahoo.com යන විද්‍යුත් ලිපිනයෙන් ඇය අමතා වැඩි විස්තර ළබා ගත හැක. නැතහොත් පී.ජී. මාලා මල්කාන්ති, කහගොඩය කනත්ත, ඉහළ අතුරලිය, අතුරලිය, අකුරැස්ස යන ලිපිනයට තැපැල් ගාස්තු ද සමඟ රු. 150/= ක මුදල් ඇණවුමක් එවීමෙන් ශ්‍රී ලංකාව තුළ තැපැල් මගින් ගෙන්වා ගත හැක.

ඇගේ කුළුදුල් නිර්මාණයට අතදීමක් වශයෙන් ඔබට මට කළ හැකි දේ බොහෝමයි. එවැන් දේ තුළින් මෙවැනි ළමා ලේඛිකාවන් තව තවත් උනන්දු වන ඇත. මේ ඇරයුම එවන් සිංහල බ්ලොග් කියවන්නන් වෙතයි..