Saturday 29 November 2008

35 වැනි උපාධි ප්‍රධානෝත්සවය-ශ්‍රී ජ.පු.වි.වි


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය 35 වැනි උපාධි ප්‍රධානෝත්සවය 2008 දෙසැම්බර් මස 01 හා 02 යන දෙදින තුල බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර ඇත.
.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උපාධි ප්‍රධානෝත්සවය අදියර හතරක් යටතේ දින දෙකක් තුල පැවැත්වේ.
  • පළමු අදියර (2008-12-01 පෙරවරුව)- කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය
  • දෙවන අදියර(2008-12-01 පස්වරුව)- කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය
  • තෙවන අදියර(2008-12-02 පෙරවරුව) - ශාස්ත්‍ර පීඨය
  • සිව්වන අදියර (2008-12-02 පස්වරුව) - වෛද්‍ය පීඨය, ව්‍යවහාරික විද්‍යාපීඨය, පශ්චාත් උපාධි පීඨය
උපාධිධාරීන් 2000 ක පමණ ප්‍රමාණයක් උපාධි ලබන මේ අවස්ථාවට ව්‍යවහාරික විද්‍යා පීඨය නියෝජනය කරමින් මා උපාධි අපේක්ෂකයෙක් ලෙස සහභාගීවන අතර මේ උළෙල මට ජීවිතයේ තවත් එක් වැදගත් කඩඉමක් වන්නේ ඒ නිසාවෙන්මය.
.
රැකියාවක්, තවත් උපාධි පාඨමාලාවක් හදාරන අතර තුර ලබාගත් මේ උපාධිය මට සුවිශේෂී වේ. මේ සදහා අතහිත දුන් පිරිස බොහෝය. ඔවුන් වෙනුවෙන් මගේ හිතේ ලියවුනු කෙටි සටහනක් ඔවුන්ට උපහාරයක් පිණිස මෙසේ පළකරන්නෙමි.

Sunday 9 November 2008

සිහිනයක් නොවූ සිහිනය

මම මුලින්ම කැම්පස් එක ඇතුලට ආපු වෙලාවේ හිතට ආපු සිතිවිලි පුදුමාකාරයි. මහා විශාල ගොඩනැගිලි, දහස් සංඛ්‍යාත මිනිසුන් මා වටකර සිටින අයුරු දැනෙන්නට විය. ඒ වගේම RAG එක ගැනත් බයක් නොතිබුනාම නොවෙයි. ඒත් Science Faculty එකේ RAG නෑ කියලා මම අහලා තිබුනා. ඒ කොහොම උනත් මම එක දෙයක් දැනගෙන හිටියා. ඒ තමයි මේ ගමන ඒ තරම් ලෙහෙසි පහසු එකක් නොවන බව. ඒකට ප්‍රධානම හේතුව උනේ මම මේ වන විටත් මගේ රැකියාව කරමින් සිටින නිසයි. කෙසේ හෝ වේවා පළමු දිනය ගත වුනේ ලියාපදිංචිය ආදී කටයුතුවලටයි.
මේ වන විටත් මා කො‍ළඹ රැකියාවට පැමිණ යම් කලක් ගත ව තිබූ නිසා ‍‍"කොළඹ ගැන" ඒ තරම් නුහුරු බවක් නම් දැනුනේ නැහැ. කොහොම කොහොම හරි වැඩේ පටන් ගත්තා කියමුකෝ.. මගේ වාසනාවට පොළොන්නරුවේ අපේ යාළුවො 10-15 ක්ම අපේ BATCH එ‍කේ ඉන්නවා.
මම INTERNAL උනාට මගේ කැම්පස් ජීවිතය PRACTICAL CLASS වලට විතරක් සීමා වුනා. හරියටම වෙලාවට PRACTICAL එකට එන මම ඒක ඉවර වුනු ගමන්ම ආපසු OFFICE ගියා. මම කවදාවත්ම LECTURE වලට ආවේ නෑ. ඒ නිසා සරසවි දිවියේ බොහෝ දෙනා අත්විදින සියළුම සුන්දරත්වයන් විදින්න නම් මට අවකාශ ලැබුනේ නැහැ. ඒත් නැත්තෙමත් නෑ..
එහෙනම් කොහොමද DEGREE එක COMPLEAT කලේ.. ඒක ඊලග සැරේ කියන්නම්..

Saturday 8 November 2008

මගේ සරසවි ජීවිතය

2005 වර්ෂයේ අප්‍රේල් මාසයේ 26 වැනි දින ලා හිරු කිරණ පොළොව සිප ගන්නා මොහොතේ මමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුවෙන් විශ්ව විද්‍යාලය තුලට පිවිසියා මට අද වාගේ මතකයි. එදා සිට ගෙවුනු වසර 3-4 ක කාලය තුල බොහෝ අත්දැකීම් සරසවිය තුලින් මා ලබා ගත්තා. එහි අවසන් පියවර වශයෙන් එළැබෙන දෙසැම්බර් මස පළමුවැනිදා (2008-12-02) අප බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී විද්‍යාවේදී උපාධිධාරීන් ලෙස අභිශේක ලබන්නට සූදානමින් සිටින්නෙමු. එදා මෙදා තුර ගෙවුණු කාලයේ සුන්දර මතකයන් ආවර්ජනය කිරීමටත්, අනේක වූ අන්තර්ජාල පරිසරය තුල මා‍ සොයාගත් සමහර දෑ ඔබ සමග බෙදාහදා ගන්නත් මෙවැනි "සොදුරු අඩවියක්" නිර්මාණය කිරීමට මට සිත් දුන්නා.